ක‍්‍රිෂ් නඩුවට ලැබුණු අධිකරණ නියෝගය

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3 ක් බදු දීමේදී සිදු වී ඇති බව කියන රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් ද නැද්ද යන්න අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (12) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නීති කෘත්‍යයට අදාළ නඩු ගොනුව මහාධිකරණයට යොමු කර ඇති බැවින් පරිශීලනය කිරීමට නඩු ගොනුව නොමැති බවත්, ලබන මාර්තු මස 26 දින වාර්තාවක් ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කරනු ලැබුවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා සිදු කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *