ලංකාවේ අපරාධ කල්ලි

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58 ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

විශේෂයෙන් ම මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17 ක් වාර්තා වී ඇති බවත්, කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5 ක් වාර්තා වී ඇති බවත්, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරනවා.

අච දහවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

ඒ වගේම, මෙම වසරේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධීන් හා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 17ක් විමර්ශනය කර අවසන් බවත්, ඇතැම් සිද්ධීන්වලට පොලීසිය හා ත්‍රිවිද හමුදාවේ සාමාජිකයින් ඍජුව හා වක්‍රව සම්බන්ධ බවත්, ඒ අනුව එම නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පවසනා තිබෙනවා.

වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී ඔ56 13ක්, රිවොල් 15ක්, පිත්තෝල 21ක්, බෝර 12 ගිනිඅවි 75ක්, රිපීටර් 7ක්, කොටන තුවක්කු 805ක් සහ වෙනත් ගිනිඅවි 4ක් පොලිස් භාරයට ගත් බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම හෙවැනි අපරාධකරුවන් සහ ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන මහජනතාවට ත්‍යාග මුදල් ලබාදෙන බවද ඔහු මෙහිදී විශේෂයෙන් පවසා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *