ඇල්ල කඳුවැටිය ගින්නේ වත්මන් තත්වය

ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කඳුවැටිය ප්‍රදේශයේ ඊයේ හටගත් ගින්න, අද 14 පෙරවරුව වනවිට අක්කර 20 ක් පුරා පැතිරගොස් ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, මේ වනවිටත් රක්ෂිතයේ අක්කර 10 ක පමණ ප්‍රදේශයක් පිළිස්සී ගොස් තිබෙන බව සඳහන් වෙනවා.

ඇල්ල පොලිස් වසමේ රාවණා ඇල්ල රක්ෂිතයේ මෙම ගින්න ඊයේ 13 සවස 4 ට පමණ හටගෙන තිබෙන අතර, ආපදා කළමානාකර මධ්‍යස්ථානය පවසන්නේ, මෙම ගින්න කිසිවෙකු විසින් සිදුකරන ලද්දක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති බවයි.

පසුගිය වසරේදී ද පාසල් ළමුන් 15 ක පමණ පිරිසක් මෙම රාවණා ඇල්ල රක්ෂිතය කොටසේදීම ගිනිතැබීමක් සිදුකර තිබෙන බවත්, පසුව අධිකරණය විසින් එම සිසුන්ට එම ප්‍රදේශයේ පැළ සිටුවන ලෙස නියෝග කර තිබෙනවා.

කෙසේ වුවත්, ඊයේ රාවණා ඇල්ල රක්ෂිතයෙන් හටගත් ගින්න, ඇල්ල කඳුවැටිය පුරාවටම පැතිරයාමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් ගින්න පාලනකිරීම සඳහා බණ්ඩාරවෙල වනසංරක්ෂණ නිලධාරින්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දියතලාව ගුවන් හමුදා හා යුද හමුදා නිලධාරින් ඊයේ සිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවත්, පවතින වියළි කාලගුණය, සුළං තත්ත්වය මෙන්ම අධික බෑවුම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිරයමින් තිබෙන අතර, ඒ හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලසෙ අපහසු වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙය වනජීවි කලාපයට ඉහළින් ඇති වනසංරක්ෂණ කලාපයට ගින්න ඇතුළු වීම වැළැක්වීමට වනවගා මායිමේ ගිනිපටි ඊයේ කපනු ලැබූ අතර, ගින්න ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ළඟාවීම පාලනය කිරීමට බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවන රථවල සහය ලබාගැනීමටද කටයුතු යොදා තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *