2025 – 06 ශ්‍රේණිය සඳහා කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව, 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අද 14 සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/ සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකියි.

2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩයිම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙන බව සඳහන් වෙනවා.

සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපනල උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *