පුද්ගලයින් 34 කට මරු කැඳවූ සුළි කුණාටුව

ඇමරිකාවට බලපා ඇති දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 34 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම කුණාටුවේ බලපෑමෙන් ටෙක්සාස් සහ මිසූරි ඇතුලු ප්‍රාන්ත 7 ක නිවාස 250,000 කට පමණ විදුලිය ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
විශේෂයෙන් ම පවතින දැඩි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකට සුළි සුළං සහ ගංවතුර අනතුරු ඇගවීම් ද එරට කාලගුණ අංශ විසින් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා.
