පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි

කැනඩාවේ නව අග්‍රාමාත්‍ය මාර්ක් කානී විසින්, එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව, එළඹෙන අප්‍රේල් 28 වැනිදා කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ඔහු නිවේදනය කරනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මගින් ඇති කරන පීඩනයට එරෙහිව සටන් කිරිම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම, සිය අරමුණ බව ඔහු සඳහන් කරනවා.
කැනේඩියානු ආර්ථිකයක් ගොඩනැගීමට ශක්තිමත් ජනවරමක් ලබා දෙන ලෙස ඔහු එරට වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වීමත් සමඟ පාලක පක්ෂ නායකත්වයට පත්වූ මාර්ක් කානී, කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය 14 වැනිදායි.
