පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි

පෘතුගාලය විසින් එළඹෙන මැයි මස (18) වන දින පුර්ව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය පෘතුගාලයේ වසර තුනකට වැඩි කාලයක් තුළ පැවැත්වෙන 03 වන මැතිවරණය බව එම මාධ්‍ය සඳහන් කරනවා.

මධ්‍යම දක්ෂිණාංශික සුළුතර රජය පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත් වී දින 02 කට පසුව ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා මේ බව ප්‍රකාශ කර තිබෙන බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *