ජනාධිපතිවරණයට දින නියම වේ

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබෙනවා.
දකුණු කොරියානු කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3 වනදා පැවැත්වීමට නියමිත බව සඳහන් වෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දකුණු කොරියාවේ ජනාධිපතිධුරයේ කටයුතු කළ යුන් සුක් යෙයොල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධුරයෙන් ඉවත් කෙරුණා.
