දින නියම වූ “සිරි දළදා දැක්ම”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මස මහනුවරට ගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පවසා සිටියේ, එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව විශේෂ දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කරන බවයි.
ඒ අනුව, වසර 16 කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන දළදා ප්‍රදර්ශනය එළැඹෙන අප්‍රේල් මස 18 වනදා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙනවා.
මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය පිළිබඳව අද 2 මහනුවරදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසා තිබෙනවා.
.සිරි දළදා දැක්ම. නමින් පැවැත්වෙන මෙය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී පුරා දින 10 ක් පැවැත්වීවමට කටයුතු යොදා තිබෙනවා.
දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 3ට ආරම්භකර ප.ව. 5 ට අවසන් කෙරෙන බවත්, ඉන් අනතුරුව 19 වනදා සිට දහවල් 12 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව සඳහන් වෙනවා.