අපේ රටටත් රටඉඳි පරිත්‍යාගයක්

රාමලාන් කාලසීමාවේදී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රට ඉඳි කිලෝ ග්‍රෑම් 50,000ක් පරිත්‍යාග කිරීම අද (27) පෙරවරුවේ කොළඹ දී සිදු වී තිබෙන බව වාර්තා වෙනවා.

එම රට ඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත නිල වශයෙන් සංකේතාත්මකව භාර දෙනු ලැබුවා.

මෙම අවස්ථාවට විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්වී තිබෙනවා.

මේ ආකාරයට සෞදි අරාබි රජය විසින්, සිය මිත්‍ර රටවල් සඳහා රට ඉඳි තොග ප්‍රදානය කිරීම් වාර්ෂිකව සිදු කරනු ලබන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *