පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මරණය

මිනුවන්ගොඩ – පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන යන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, ගම්පහ – ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන් වෙනවා.
බරපතල ලෙස අසනීප තත්ත්වයෙන් පසු වූ මොහු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව, පොලිසිය සඳහන් කරනවා.
කෙසේ වුවත් පොලිසිය සැක කරන්නේ මෙම මරණය පහරදීමකින් සිදුව ඇති බවටයි.
