උතුරු මැසිඩෝනියාවේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

උතුරු මැසිඩෝනියාවේ සමාජශාලාවක ඇතිවූ ගින්නකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 59 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 155 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධය පවසනවා.
ගින්න ඇතිවන අවස්ථවේදී එහි පුද්ගලයින් 1,500 කට වැඩි පිරිසක් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ බව වාර්තා වෙන අතර, සංගීත ප්‍රසංගය එරට ජනප්‍රිය හිප්-හොප් ගායකයින් වන ෘභණ විසින් පවත්වන ලද්දක් බව වාර්තා වෙනවා.
ප්‍රසංගය අතරතුර දැල්වූ ගිනිකෙළි මෙම අනතුරට හේතුවන්නට ඇතැයි බලධාරින් සැකපළ කරන අතර, මේ සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් වෙනවා.
මෙය රටට තරුණ ජීවිත රාශියක් අහිමි වූ, දුෂ්කර සහ ඉතා කණගාටුදායක දිනයක්, ලෙස එරට අගමැතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබෙනවා.
