හදිසි තෙරපීම හේතුවෙන් සිදුවූ මරණ

ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ඇති වූ තෙරපුමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ වගේම මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වුවත් මෙම තත්වයට හේතුව, ප්‍රයාග්‍රාජ් හී මහා කුම්භමේලා උත්සවය සඳහා දුම්රියවලට නැගීමට උත්සාහ කළ මගීන්ගේ හදිසි තදබදය බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙනවා.