දිවි ගමන නිමා කළ දේශපාලනඥයා

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සේනාධිරාජා මහතා මිය යනවිට 82 වන වියේ පසුවුණා.
ඊයේ යාපනයේ පිහිටි නිවසේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධිරාජා මහතා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර, මිය යන අවස්ථාවේ එතුමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන් වෙනවා.