ප‍්‍රධාන දුම්රිය හරස් මාර්ගයක් ගැන තීරණයක්

කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසා තැබෙන බව, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව, 2025.05.17 දින පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා අර්ධ වශයෙන් හා එදිනම රාත්‍රී 08.00 සිට 2025.05.18 දින පෙ.ව. 05.00 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන බව දැනුම් දී තිබෙනවා.

මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනිමට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම් දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *