ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත ගැන තීරණයක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15 ක් මිල දී ගැනීම සඳහා ඉදිරිපත්කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. එම යෝජනාව, ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා සුහුරු කාඩ්පත් භාවිත කිරීම 2017 වර්ෂයේදී ආරම්භ කර තිබෙනවා.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය :ැ-භෂක්* මඟින් හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු වෙනවා.
ශ්‍රී ලාංකික පුරවැසියන් නැවත ලියාපදිංචි කර නව හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා කාඩ්පත් මිලියන 17 ක පමණ අවශ්‍යතාවක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් පොලිකාබනේට් කාඩ්පත් මිලියන 15 ක් මිල දී ගැනීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව වාර්තා වෙනවා.