පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ගැන තීරණයක්

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයාබැලීමක් සිදුකළ අතර, ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව රාමඤ්ඤ මහා නිකායේ ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *