දේශබන්දු පාර්ලිමේන්තුවට කියන ආරක්ෂක ඇමති

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින්, අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

දින කිහිපයක සිටම රටේ විශේෂ අවධානයක් යොමු කරමින් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර අධිකරණයට භාරවී ඇති බව එහිදී අමාත්‍යවරයා සඳහන් කළ අතර, විශේෂයෙන් ම ඊයේ (18) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් හෝකන්දර ප්‍රදේශයේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවස පරීක්ෂාවට ලක් කළ බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 795 ක්, වයින් බෝතල් 214 ක් සහ මත්පැන් බෝතල් 1009 ක් සොයාගෙන ඇති බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.

එමෙන්ම ඔහුගේ ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ අවියක් සහ නවීන ජංගම දුරකථන දෙකක් ද නිවසේ තිබී නිලධාරීන් භාරයට ගෙන තිබෙන අතර, මෙම ජංගම දුරකථන හරහා තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කරගැනීමට හැකිවෙනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන් ම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තුවෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *