පැතිර යන කටකතා ප‍්‍රතික්ෂේප කරනවා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ සිදුකළ බව කියන වෙනස්කම් සම්බන්ධයෙන් පැතිර යන කටකතා Adani Green Energy SL Ltd. සමාගම තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ඒ අනුව, කිලෝවොට් පැයකට ශත 7 ක් දක්වා මිල සංශෝධනය කිරීමට සිය සමාගම එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බව, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදානි සමූහය පවසනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙනවා,

ගිවිසුම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඇති කරගත් ගිවිසුමේ මුල් එකඟතාවන්ට අප සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර “Adani Green Energy SL Ltd.” හි ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති පරාමිතීන්වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ද වැඩි දුරටත් දන්වා සිටින්නෙමු.

යෝජිත සුළං බල ව්‍යාපෘතියෙන් සමාගම ගෞරවාන්විතව ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකා රජය කවදා හෝ නැවත සලකා බැලීමක් සිදු කළ හොත්, ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාර ගැනීමට තමන් සැමවිටම සූදානමින් සිටිනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *