හැංගිලා හිටිය දේශබන්දු අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට ටික වේලාවකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා තීන්දු කළා.
ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.
එවැනි පසුබිමක අද 19 පෙරවරුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙන අතර, ඔහු අධිකරණයේ පෙනී සිටීමෙන් පසු, 2023 දී වැලිගම උ15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද පස්වරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත බව ද වාර්තා වෙනවා.
