හරක් කටා අද උසාවියට ආවද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ,ස්කයිප්, තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (27) නියම කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී බන්ධනාගාර භාරයේ පසුවන හරක් කටා අධිකරණය හමුවට ඉදිරිපත් කළේ නැති බව වාර්තා වෙනවා.

ආරක්ෂක හේතුන් මත එම විත්තිකරු අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම අදාළ නඩුව ,ස්කයිප්, තාක්ෂණ විභාග කිරීමට අවසර දෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලීම් සිදු කළ බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය මාර්තු මස 17 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *