ඒ ක්ෂේත‍්‍රයටත් ඩිජිටල් පහසුකම් ලබා දෙනවා

කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ඒ තුළින් කර්මාන්තකරුවන්ට ගැටලු ඇත්නම් ඒවා තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම විසඳා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළ බව වාර්තා වෙනවා.

“කර්මාන්ත තියෙන්නේ ගමේ නම් කර්මාන්ත අමාත්‍යාංශය කියන්නේ ජනතාවට සේවා සපයන තැනක් නම්, ඒ සේවය සැපයෙන්න ඕනේ අදාළ දිස්ත්‍රික්කයට ගිහිල්ලා. එතකොට ඒ වෙනුවෙන් කොළඹ ඇවිල්ලා රස්තයාදු වෙන්න ඕනේ නෑ කර්මාන්තකරුවන්. ඉදිරි අපේ වැඩසටහන නවීකරණය වෙලා, තාක්ෂණය සමග මුහුවුණාට පස්සේ, කර්මාන්ත ශාලාවේ ඉදගෙනම ප්‍රශ්න විසඳගන්න පුළුවන්. අපි ඒකට කියනවා එක කවුළුවකින් ප්‍රශ්න විසඳගන්න ක්‍රමවේදයක් කියලා.

ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්ට අවසර ගන්න අවුරුදු එක හමාරක් විතරක් යනවා. එහෙම නැතුව කරන්න නම් පගාව දෙන්න ඕනේ. පගාව දීම වෙනුවට රජයේ නිලධාරීන්ට රජය විසින් වැටුප් වැඩිකරලා තියෙනවා. ඒ නිසා පගාව නොගෙන දුෂණයෙන් තොරව වැඩකරන්න ඕනේ. ඒක තවත් වැඩිදියුණු කිරීමට රජයේ සියලු ගෙවීම් ඩිජිටල්කරණය කරන්න තීරණය කරා. ඒ නිසා ව්‍යවසායකයින්ගෙන් අපි ඉල්ලන්නේ ඔබේ වැඩේ පහසු කරගන්න ඔබ පගාව දෙන්න එපා. පගාව දුන්නොත්නේ පගාව ගන්නේ.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *