ජාතික ආරක්ෂාව ගැන දිලිත්ගේ අදහස

සමස්ථ ජාතික ආරක්ෂාවම විශාල අර්බුදයකට මුහුණ දෙමින් පවතින අතර අභියෝගාත්මක යුගයක් උදා වෙමින් පවතින බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සමඟ අද (25) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබෙනවා.

ජාතිකත්වය, සභ්‍යත්වය මත පදනම්ව සියලු ජාතින් එකතුව ගෞරවයෙන් සහ සෙනෙහසින් රටක් ලෙස ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳව විවෘත්ත සංවාදයක යෙදිය යුතු බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

“ඉතාමත් හොඳ සංවාදයක් අපට කරන්නට පුළුවන් වුණා රටේ පවතින තත්ත්වය, විශේෂයෙන්ම ආරක්ෂිත තත්ත්වය ගැන. අපි සර්වජන බලය හැටියට විශ්වාස කරන එකමුතු ජාතිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අපිට අවශ්‍ය වන්නේ මේ සියලුම ජාතින් සමඟ සියලුම ආගමිකයින් සමඟ එකමුතුව වැඩ කරන්න.” 

“අද අපි හැමෝම සාකච්ඡා කළේ කොහොමද එකමුතු ජාතිකත්වය ගොඩනගන්නේ. දැන් විවිධ විදියට විවිධ දේශපාලන පක්ෂ විසින් විවිධ ආර්ථකතන දෙමින් මේ රටේ ජාතීන් අතර සමගිය ඇතිකරනවා යැයි කියමින් මේ සහජීවනය කියන වචනය ලාබ විදියට පාවිච්චි කරලා මේ පිටරටින් ආනයනය කරන ලද සහජීවන සංකල්පයක් එක්ක අපේ රට ඉස්සරහට ගෙනියන්නට බැහැ. අපේ ජාතිකත්වය සභ්‍යත්වය මත පදනම්ව, සියලු ජාතින් එකතුව වැඩකරමින් ගෞරව කරමින් සෙනෙහසින් ඉස්සරහට යන්න ඕනේ කියන එක තමයි අපේ සංකල්පය. මේ පිළිබඳව අපි විවෘත්ත සංවාදයක යෙදුනා.” 

“අභියෝගාත්මක යුගයක් උදා වෙමින් පවතිනවා. සමස්ථ ජාතික ආරක්ෂාව විශාල අර්බුධයකට මුහුණ දෙමින් පවතිනවා ඒ ගැන අපි සංවාදයට ලක් කරන්නට ඕනේ. අපි සියලුදෙනා එකතුව සංවාද කරන්නට ඕනේ . අද සාධනීය සාකච්ඡාව පැවැත්වුණා.” 

“ශ්‍රී ලංකාවේ සියදුම මුස්ලිම් ජනතාවට අපේ ආදරේ සෙනෙහසේ පණිවඩය ලබා දිය යුතුයි. අපි හැමෝම සහෝදර සහෝදරියන් ලෙස එකමුතු ජාතිකත්වය යන සංකල්පයෙන් සියලුදෙනාටම එක්ව කටයුතු කරන්නට පුළුවන් සමාජයක් අපි ගොඩනගන්නට ඕනේ.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *