මන්ත‍්‍රී අර්ච්චුනාගේ පිඟන් සංදර්ශණය

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා.
ඊයේ (11) රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවත් සිද්ධියට හේතුව ලෙස සඳහන් කර තිබෙන්න්, මන්ත්‍රීවරයා ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමකි. එහිදී මන්ත‍්‍රීවරයාගේ මෙම වීඩියෝ කිරීමට විරෝධය පෑ පුද්ගලයින් දෙදෙනෙකු අතර මෙම බහින්බස් වීම සිදුවී තිබෙනවා.
එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පිඟානකින් එක් අයෙකුට පහර දී තිබෙනවා.
කෙසේ වෙතත් අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවයි.
පහරදීම සිදුවීමට පෙර එම ස්ථානයේ වූ බහින්බස් වීමට අදාළ වීඩියෝවක් අර්ච්චුනා රාමනාදන් මහතා තම සමාජ මාධ්‍ය ගිණුම තුළත් පළ කර තිබුණා.