අද සිට ඇරඹුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද (17) සිට ආරම්භ කෙරෙනවා.

ලබන 29 වැනිදා දක්වා එම කටයුතු සිදුවන බව නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කරනවා.

ඒ සඳහා තැපැල් බෙදුම්කරුවන්ට අවශ්‍ය උපදෙස් ද ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙන අතර, තැපෑලට භාරදුන් පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් බෙදා හැරීම ද මේ වනවිට සිදු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *