ඉදිරි දින දෙක මහනුවරට එන්න එපා

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දළදා වන්දනාව සඳහා බැතිමතුන්ගේ අධික පැමිණීමක් දැක ගත හැකි බව පොලීසිය සඳහන් කරනවා.
මහනුවර නගරය සහ ඒ ආශ්‍රිතව ලක්ෂ 3 කට අධික ජනතාවක් පෝළිම්වල සිටින බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන අතර, මේ හේතුවෙන් ඉදිරි දින 2 ක තුළදී දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.