අවුරුදු සමය ගැන බය වෙන්න එපා

අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යවශ්‍ය ආහාර සැපයුමක් ලබාදීම රජය සහතික කර තිබෙන බව වාර්තා වෙනවා.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී රැස්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිඟයකින් තොරව සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තොග පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් පියවර පිළිබඳව ද එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව සඳහන් වෙනවා.
පාරිභෝගිකයාත්, ගොවි ජනතාවත්, නිෂ්පාදකයාත් ආරක්ෂා කරගනිමින් එම සියලු පියවරයන් ගැනීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මේ අතර සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනි දායින් පසුව අනුමැතිය ලබා දීමට ද එහිදී සාකච්ඡා වී තිබෙන බව වාර්තා වෙනවා.
