බයවෙන්න දෙයක් නෑ හැමෝම මේකට සම්බන්ධ නෑ

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින්නේ කිසියම් කණ්ඩායමක් පමණක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසනවා.
අද 1) උදෑසන 7 වනවිට මුදල් ගෙවා ඇණවුම් ලැබූ බවුසර් 2924 ක් මේ වනවිට ඉන්ධන බෙදාහරිමින් තිබෙන බව, අද (1) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා පවසා සිටියා.
“අද වෙනකොට මුදල් ගෙවා CPC එකෙන් ඇණවුම්කරලා තියෙනවා ලෝඩ් 1696ක්. ඒ වගේම IOC එකෙන් 471ක්, Sinopec එකෙන් 391ක්, RM Park එකෙන් 366ක්. ඒ කියන්නේ 2924ක් අද දවසේ මුදල් ගෙවලා සාමාන්‍ය පරිදිම බෙදාහරිමින් පවතිනවා.
කොළොන්නාවට ඇවිල්ලා තිබුණා බවුසර් 140ක් පමණ. ඉන් 60කට අධික ප්‍රමාණයක් පිටවෙලා තියෙනවා. සාමාන්‍ය විදිහටම රටේ බේදාහැරීම් කටයුතු සිද්ධ වෙනවා.
කණ්ඩායමක් විතරයි මේ සිද්ධියට සම්බන්ධ. එයාලා කිව්වේ ඊයේ (28) රාත්‍රියේ සිට තෙල් ඇණවුම් කරන්නේ නෑ කියලා. නමුත් අද උදේ 7 වෙනකොට ඒ අය ඇණවුම් කළ ප්‍රමාණය.
මේකත් එක්ක ගත්තාම රටේ ගැටළුවක් ඇතිවෙන්න කිසිම හේතුවක් නෑ. රටේ ජනතාව කලබලවෙන්න කිසිම හේතුවක් නෑ” යනුවෙන් පවසා තිබෙනවා.
මේ අතර අද පෙරවරුවේ කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් පර්යන්තවලින් බවුසර් රථ පිටත්ව ගිය අයුරු දැකගත හැකි වූ බව වාර්තා වුණා.
