ත‍්‍රස්තවාදීන් සොයා සිදුකරන මෙහෙයුම් අතරතුරදී

අද (25) ඉන්දීය ආරක්ෂ අංශ විසින් සිදුකළ මෙහෙයුමකින්, ලෂ්කර්-ඊ-තායිබා (LeT) සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙකු වන අල්තාෆ් ලලි වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ වගේම, බන්ඩිපුරා හිදි සිදු වූ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
ඉකුත් අප්‍රේල් 22 වනදා පුද්ගලයින් 26 දෙනෙකුට මරුකැඳවූ පහල්ගම් ප්‍රහාරයේ වගකීම මෙම ලෂ්කර්-ඊ-තායිබා සංවිධානය විසින් මේ වනවිට භාරගෙන තිබෙනවා. ඒ හේතුවෙන් එම සංවිධානයේ ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට අඛණ්ඩ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.