මැතිවරණ කොමිසමෙන් පොලීසියට දැනුවත් කිරීමක්

පළාත් පාලන මැතිවරණ පනත හා වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, තවත් අදියරක් අද (04) රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගීවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

මීට අමතරව මැතිවරණ ආරවුල් නිරාකරණය සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් දැනුවත් කෙරෙනවා.

මෙම වැඩසටහනේ අදියර කිහිපයක් පසුගිය දා බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැති අතර දිවයිනම ආවරණය වෙන පරිදි මෙම වැඩසටහන් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

මේ අතර, මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව පොලීසිය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඊයේ 03 දිනට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමවලට අදාල පැමිණිලි 05 ක් වාර්තා වී ඇති බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *