අද දවස ගැන විදුලි බල මණ්ඩලයේ තීරණය

තවදුරටත් විදුලි කප්පාදුව සිදු කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (13) පෙරවරු 10.00ට පමණ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කරනවා.

පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03 ම අක්‍රීය තත්ත්වයට පත්වීම නිසා විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළා.

ඒ අනුව, පස්වරු 3.30 ත් රාත්‍රී 9.30 ත් දක්වා වූ පැය 06 ක කාලසීමාව තුළ කාණ්ඩ 04 ක් ඔස්සේ මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට කටයුතු කර කළා.

ඊයේ (12) පොහොය දිනය හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලි බල මණ්ඩලය නිවේදනය කළා.

කෙසේ වෙතත්, මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීයව පවතින අතර, එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතින බව සඳහන් වෙනවා.

අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව ජනන යන්ත්‍ර සක්‍රීය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව බොහෝ දුරට හෙට (14) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *