USAID වැඩසටහන ගැන ඊලෝන් මස්ක්ගේ අදහස

ටෙස්ලා නිර්මාතෘ ඊලෝන් මස්ක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවතා වන අතර, එරට රාජ්‍ය ආයතනවල මූල්‍ය වංචා සෙවීමට පත්කළ ඩොජ් (DOGE) ආයතනයේ ප්‍රධානියා වෙන්නේත් ඊලෝන් මස්ක්ය.
සිය කුඩා පුතු X සහ ජනාධිපති ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේ ඕවල් කාමරයේ සිට මාධ්‍ය ඇමතීමේ අවස්ථාව මස්ක්ට ඊයේ 11 හිමිවුණූ බව වාර්තා වෙනවා.
ඉතාමත් අසාර්ථක සහ දූෂිත USAID වැඩසටහන යටතේ විවිධ රටවල මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් කිරීමට මුදල් වැය කර ඇතැයි එහිදී මස්ක් අනාවරණ කර තිබෙනවා.
එහිදී ඊලෝන් මස්ක් සඳහන් කළේ,
“එමගින් (USAID) වටිනා ව්‍යාපෘති කරලා තියෙනවා. ඒත් සමස්තයක් විදිහට ගත්තම තත්ත්වය ඒ තරම් හොඳ නැහැ. USAID බොහෝ විට කරලා තියෙන්නේ විවිධ රටවල මැතිවරණවලට බලපෑම් කිරීමයි. මං හිතන ආකාරයට එහි කටයුතු සැක සහිතයි වගේම රහසිගතයි.”