වැඩි මිලකට අලෙවි කළ එලොන් මස්ක්ගේ ‘X’ සමාගම

එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන “X”, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර තිබෙන අතර, ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45 ක් “X” මිලදී ගැනීම සඳහා ගෙවනු ලබනවා.

කෙසේ නමුත්, මෙම ගනුදෙනුවේ ඩොලර් බිලියන 12 ක ණය මුදලක් ඇතුළත් වන අතර, මස්ක් මෙවර “X” අලෙවිකරන වටිනාකම ඔහු එවකට “Twitter” ලෙසින් හැඳින් වූ මෙම සමාජ මාධ්‍ය සමාගම මිලදී ගැනීම සඳහා ගෙවූ මුදලට වඩා තරමක් වැඩි බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව, 2022 වසරේදී ඔහු “Twitter” මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 44 කට බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *