හදිසියේම ලංකාවට ආ දූතයෝ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
එම වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පහසුකම් යටතේ තුන්වැනි සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන් රජය මේ වනවිටත් පැමිණ තිබෙනවා.
එම සමාලෝචනයේ කරුණු මේ වසරේ පෙබරවාරි අග වනවිට ජාත්‍යන්තර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඊට අදාළව ප්‍රගතිය හා ඉදිරියට එම වැඩසටහන පවත්වාගෙන යෑමේ ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරනවා.
ෂඵත් විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලේ සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක මුදලක් මුදාහැරීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වී තිබෙනවා.