ටික ටික වැඩි වෙන චීන – තායිවාන ගැටුම්

තායිවානය ආසන්නයට චීනය විසින් ගුවන් යානා 59 ක් සහ යාත්‍රා 9 ක් යොදවා ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම ගුවන් යානාවලින් වැඩි ප්‍රමාණයක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර ඇති අතර අනෙක් ඒවා තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ඇතුළු වී ඇති බව තායිවාන බලධාරීන් පවසනවා.

ඒ අනුව, චීන හමුදා ගුවන් යානා නිරීක්ෂණය කිරීම සඳහා සටන් ගුවන් සහ මුහුදු මුර සංචාර සහ ආරක්ෂක මිසයිල පද්ධති යෙදවීමට තායිවානය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *