සයිබර් කඳවුරු වලින් බේරිලා ලංකාවට

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම පිරිස අතර තරුණියන් 04 දෙනෙකු සහ තරුණයින් 10 දෙනෙකු සිටින බව එම අමාත්‍යාංශය පවසනවා.
මොවුන් මියන්මාරයේ සයිබර් කඳවුරුවලින් මුදා ගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණු අතර, තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් ලබා දී ඇති බව සඳහන් වෙනවා.
ශ්‍රී ලංකා රජය සිදුකළ අඛණ්ඩ රාජතාන්ත්‍රික ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුදාගැනීම් සිදුකිරීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.
