ලොකු ලොකු දොස්තරලත් සෘජුවම සම්බන්ධයි

මෙරට සිදුවන වකුගඩු ජාවාරමට රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සෘජුව සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව වෛද්‍ය අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංධානය පවසනවා.

එම වෛද්‍යවරුන්ගේ බලපෑමෙන් භික්ෂූන් වහන්සේලාගේද වකුගඩු ගලවා ඉහළ මිලකට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව මේ වන විට අනාවරණ වෙමින් පවතින බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *