එයා කිව්වට මෙයා ඒක අහයිද?

යුක්‍රේනය සමග පවතින යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් රුසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සාකච්ඡා ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සාකච්ඡා සෞදි අරාබියාවේදී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව්, අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ මෙම සාකච්ඡා සඳහා එක්ව තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සාකච්ඡා සඳහා යුක්‍රේනයට මෙන්ම යුරෝපීය නායකයින්ට ආරාධනා කර නොමැති බවද වාර්තා වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *