ඒකට බැරි වුණාට මේකට එනවා

ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට පැතුම් නිස්සංක ක්‍රීඩාකරන බව නායක ධනංජය ද සිල්වා පවසනවා. පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් තරගය අහිමි වුණේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.
දෙරට අතර ගාල්ලේදී හෙට 6 ආරම්භවන දෙවන හා අවසන් තරගය වෙනුවෙන් අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර, හෙට තරගයේදී ශ්‍රී ලංකාව දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවද නායක ධනංජය ඩි සිල්වා පවසනවා.