බන්ධනොගාරයේ හිටියට කන්නේ ගෙදරින්

සේවය අත්හිටවනු ලැබූ, දැනට බන්ධනාගාර ගතව සිටින, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙන ඒම සඳහා අවසර ලබාදී තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ 24 දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවයි.
වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා එම නියෝගයෙන් දින 20 කට පසුව අධිකරණයට භාරවුණා.
එහිදී මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 3 වෙනි දා වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීයග
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශබන්දු තෙන්නකෝන් මහතා, මහනුවර දුම්බර බන්ධනාගාරයට ඇතුළත් කළ අතර, එහිදී තමාගේ ආහාරවේල නිවසෙන් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.
අදාළ ඉල්ලීම සලකා බැලූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට නිවසෙන් ආහාර ගෙන ඒමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව වේල් තුන සඳහාම දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසෙන් ගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.
