හෙට වෙනුවෙන් සියල්ල සූදානම්

හෙට (17) දින ආරම්භ වීමට නියමිත, 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663 ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරනවා.

විශේෂයෙන් ම විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා දැනුම්දෙනවා.

මේ අතර, විභාගයේ දී සිදුවන අක්‍රමිකතා අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *