හරියටම ක‍්‍රියාත්මක වෙන නීතිය

SLS ප්‍රමිති ලාංජනය හොරට යෙදු පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය ඔක්තෝම්බර් මස සිදුකරන ලද වැටලීමකට අදාළව සිදුකරනු ලැබූ නඩු පැවරීමකදී ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද යම් වෙළද නාමයක් සහිත පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් වෙළදපොලට නිකුත්කිරීමට පූගොඩ දන්ගල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමක් කටයුතු කර තිබුණා.

ඒ අනුව එම සමාගමට සහ එහි බදු ගැනුම්කාර සමාගමේ අධ්‍යක්ෂකවරයකු මෙන්ම කළමනාකරුවකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදල් නියම කිරීමට අධිකරණය නියම කර තිබෙන අතර, එසේ නිෂ්පාදනය කර තිබු රුපියල් මිලියනයකට අධික වෙළදපොළ වටිනාකමක් සහිත පානීය ජල බෝතල් තොගය අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට පුගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා නියම කර තිබෙනවා.

ඒ අනුව පසුගිය 20 වැනි දින අදාළ පානීය ජල බෝතල් තොගයෙන් ජලය ඉවත්කරනු ලැබු අතර හිස් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සදහා යොමු කරනු ලැබුවා.

තවද අදාළ සමාගමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් අසත්‍ය නියෝජනයක් සිදු කර පාරිභෝගිකයා නොමග යැවීම හේතුවෙන් චෝදනා දෙකක් යටතේ නඩු පැවරීමටත් පියවර ගෙන තිබෙන බව සඳහන් වෙනවා.

වෙළඳපොළ තුළ පරිභෝගිකයන්ට සිදුවන අසාධාරණයන් වැලක්වීමටත් මෙවැනි ක්‍රියාවන් මගින් පාරිභෝගිකයන් නොමග යැවීමට සහ රැවටීමට කටයුතු කරන වෙළඳුන් සම්බන්ධව නිරන්තර අවධානයෙන් සිටිමින් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සෑමවිටම කටයුතු කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *