විශේෂ ප‍්‍රකාශයක් බලාපොරොත්තු වන්න

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබුවා. එම වාර්තා පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඉදිරියේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බවත්, එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා, උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පවසා සිටියා.

එමගින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද චෝදනා එල්ල වී ඇති බවට බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළ අතර, ඒ අනුව තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *