වාහන අමතර කොටස් කර්මාන්තශාලාවක පිපිරීමක්

ජපානයේ මෝටර් රථ අමතර කොටස් කම්හලක පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිපිරීමත් සමග එහි ගින්නක් ද හටගෙන ඇති බවත්, පිපිරීමෙන් එම කම්හලේ ගොඩනැගිල්ලට ද හානි සිදුව ඇති අතර, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙම සිදුවීමට හේතුව සොයා එරට බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *