ගණේමුල්ල සංජීවගේ ඉරණම

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ගණේමුල්ල සංජීව නැමැත්තාව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණු අතර, නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *