ඉතිරිව ඇත්තේ තවත් හෝරා කිහිපයයි.

2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද 17 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙරවරු 10.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මුදල් අමාත්‍යවරයා ලෙසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය වෙනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වනදා සිට 25 වනදා දක්වා දින 07 ක කාලයක් පැවැත්වීමට නියමිත වන අතර, දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6 ට පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වෙනවා.

ඒ වගේම, විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වනදා දක්වා දින 19 ක කාලයක් පැවැත්වීමට නියමිත බවත්, ඊට අදාළ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 6 ට පැවැත්වීමටත් සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *