මත්තල එයාර්පෝර්ට් එක ගැන අවසන් තීරණය

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද 07 පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කර සිටියා.
සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව, අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළ බව වාර්තා වෙනවා.
,මත්තල ගුවන්තොටුපළ රුපියල් බිලියන 36.5 ක වියදමින් ඉදිකරන ලද අතර පසුගිය වසර පහ තුළ මුළු පාඩුව රුපියල් බිලියන 38.5 ක් බවද, මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අමාත්‍ය බිමල් රත්නායක එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.