සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවීම ගැන හොයන්න

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ ශිෂ්‍යයෙකු හදිසියේ මියයෑම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඒ.ඒ.වයි.අමරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් එම කමිටුව පත් කර ඇති බවයි.
ඒ අනුව, මහාචාර්ය කපිල රත්නායක සහ නීතීඥ වයිගඑස් චන්ද්‍රසේකර මහත්මිය එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබෙන බව සඳහන් වෙනවා.
අදාළ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඊට අදාළ නිරීක්ෂණ සහ නිගමන කඩිනමින් ලබාදෙන ලෙස එම කමිටුවට දැනුම්දුන් බව උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.