“සහස්දනවි” විදුලි බලාගාරය වෙනුවෙන් මුල් පියවර

“සහස්දනවි” විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන බව නිවේදනයක් නිකුත්කරමින් විදුලිබල මණ්ඩලය පවසා සිටිනවා. ඒ අනුව, වසර 25 කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බවත් මෙහි දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව, මහජන උපයෝගීතා කොමිසම අනුමතකළ මෙගාවොට් 350 ක මෙම සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන් මාස 30 ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සපයන අතර, ඉන් අනතුරුව තවත් මාස 12 කින් එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *