එකම පවුලේ 5 ක් මරණයට පත්වූ ගුවන් අනතුර

අමෙරිකාවේ නිව්යෝර්ක්හි හඩ්සන් ගඟට සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් ​​කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුර සිදුව තිබෙන්නේ, ඊයේ 10 දහවල් කාලයේදීයි.

මියගිය පුද්ගලයන්ගෙන් නියමුවා හැරෙන්න සෙසු 5 දෙනාම ස්පාඤ්ඤයේ සිට පැමිණි එකම පවුලේ සංචාරකයන් පිරිසක් බව බලධාරීන් සඳහන් කරනවා. මියගිය අය අතර ළමුන් තිදෙනෙක්ද සිටිනවා.

කෙසේ වුවත්, මියගිය ඥාතීන්ගේ පවුල්වලට දැනුම් දෙනතුරු වින්දිතයින්ගේ අනන්‍යතා හෙළි නොකරන බව, අදාළ අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නිව්යෝර්ක් පොලිස් කොමසාරිස්වරිය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *